ඔටාවා සමූහ ඛේදවාචකය සිදු කළ 19 හැවිරිදි පුද්ගලයා සිය උපන් දිනය එම නිවසේදීම සමරා තිබුණේ මෙහෙමයි

කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි දැක්වුණේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි.


ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබුණි.

එම දිනයේදී ඔහුට චීස් කේක් කෑමට කැමැත්තක් තිබී ඇති බවත්, ඒ අනුව ධනුෂ්ක ඇතුළු පවුලේ සමාජිකයින් ඔහු වෙත චීස් කේක් ලබාදී ඇති බවත් ධනුෂ්කගේ පවුලේ හිතවතුන් සඳහන් කළා.

මේ අතර කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසයි.

ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් බාර්හෙවන් ප්‍රදේශවාසින් ”සිහිපත් කිරීමේ වැඩසටහනක්”ද ඊයේ සංවිධාන කර තිබුණි.

Related Posts

යළි සියලු පාසල් ආරම්භය සහ අ.පො.ස. (සා/පෙළ) විභාගය ගැන විශේෂ දැනුම්දීමක්…

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට…

Read more

ගෑස් මිල අඩු කිරීම ගැන රටටම සතුටුදායක ආරංචියක්

ගෑස් ආනයනය කරන රටවල් ආශ්‍රිතව පවතින අර්බුද සමථයකට…

Read more

ප්‍රදේශ කිහිපයකට බදාදා වතුර නෑ

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල්…

Read more

තෙවරප්පෙරුම සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා…

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම…

Read more

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා…

Read more
Piyumi Wijesekera

අඟහරු වෙත යන්න සැරසෙන පියුමි…

අඟහරු තරණය කිරීම සඳහා පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *