කැනඩාව සලිත කළ ඝාතකයා ගැන හෙළිවෙන නවතම තොරතුරු මෙන්න

කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සිසුවා එම ඝාතනය සඳහා යොදාගත් තවත් ආයුධ සම්බන්ධයෙන් ඔටාවා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔටාවාහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජාන් පැවසුවේ ඝාතකයාගේ කිසිදු ඥාතියෙක් මෙතෙක් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී නොමැති බවයි.

කැනඩාවේ ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව, දරුවන් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනෙකු ඝාතනය කිරීමේ මෙම ඛේදජනක පුවත වාර්තා වුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මේ අතර ඝාතනය සිදුකළ බව පැවසෙන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා සම්බන්ධයෙන් මේවන විට ඔටාවා පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඝාතනය සදහා භාවිත කළ දැති සහිත තියුණු ආයුධයක් පසුගියදා සොයාගත් බව ඔටාවා පොලිසිය පැවසූ අතර ඝාතනය සඳහා දැති සහිත තවත් ආයුධ භාවිතා කරඇත්දැයි විමර්ශන ක්‍රියාත්මක බව නවතම විදෙස් වාර්තාවල සඳහන්.

ෆෙබ්‍රියෝ ද සොයිසාගේ මව සහ පියාගේ පදිංචිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔටාවාහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජාන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ පවුලේ කිසිදු ඥාතියෙක් මෙතෙක් මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ නොවූ බවයි.

එම පවුලේ ඥාතීන් ඔටාවා මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වුවහොත් අවශ්‍ය සේවාවන් ලබා දිය හැකි බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

වසර 30කට ආසන්න කාලය තුළ කැනඩාවේ ඔටාවා නගර ඉතිහාසයේ සිදු වූ වඩාත් ඛේදජනකම සිදුවීම මෙය වන අතර ඉන් ඔටාවාහි බාහේවන් ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිනවා.

ඝාතනයට ලක් වූ දිලන්තිකා ඒකනායක සහ ඇගේ දරුවන් සිව්දෙනා ඇතුළු 06 දෙනා සිහි කරමින් එම නිවස ඉදිරිපිට ආගමික වතාවත් ද සිදු කෙරුණා.

එම අවස්ථාවට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න ද එක්ව සිටියා.

එහිදී මහ කොමසාරිස්වරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඝාතනයට ලක්වූ දිලන්තිකාගේ සහ ගාමිණී අමරකෝන්ගේ පවුලේ සමීපතම ඥාතීන් කිහිපදෙනෙකු අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළ කරන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ ශ්‍රීලංකාවේ සිටින පවුලේ සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා පහසුකම් සලසන බවයි.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *