ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය – නව අගයන් මෙන්න
ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් නැවතත් ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 99.86ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ මතුව ඇති මෙම යුධමය නොසන්සුන්තාවත් සමඟ ඉදිරියේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව මූල්ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
