මේ යතුරුපැදි පදින අයට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු එළියක්
48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා අද (22) පැවති මාධ්ය හමුවකදී අවධාරණය කර තිබේ .
ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කිරීමේදී පොලිසියට හසුවුවහොත් අදාළ රියදුරන්ට දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා සඳහන් කළේය.
48cc යතුරුපැදි ලියාපදිංචි කිරීමේ අවශ්යතාවයෙන් නිදහස් බවට ඇතැම් අලෙවිකරුවන් පාරිභෝගිකයන් දැනුවත් කරන බවට වාර්තා වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
එබැවින්, අලෙවිකරුවන්ගේ ප්රකාශ මත පමණක් විශ්වාසය නොතබා, මෙවැනි යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර එහි ලියාපදිංචි අවශ්යතා පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් තහවුරු කරගන්නා ලෙස දෙපාර්තමේන්තුව පාරිභෝගිකයන්ට උපදෙස් දෙයි.
තවද, පොදු මාර්ගවල වාහන ධාවනය කිරීමට පෙර අදාළ සියලු නීතිමය හා ලියාපදිංචි අවශ්යතා සපුරා ඇති බවට සහතික වන ලෙස වාහන හිමියන්ට දැනුම් දී ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
