ජල ගාස්තුව සඳහා අලුත්ම මිල සූත්‍රයක්

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා අද (26) අනාවරණය කළේ, ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවය.

මේ වසරේ ජල ගාස්තු වැඩි නොකරන බවයි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“අපි පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව. ඇත්තෙන්ම පාරිභෝගිකයින්ගේ ඒ බර අඩුකරන්නේ කොහොමද?කියලා රජය අධ්‍යයනය කරමින් සිටින්නේ. ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් දැන් සකස් කර තිබෙනවා. එය නිසි ලෙස කෙටුම්පත්කොට කැබිනට් අනුමැතිය ලැබෙනතුරු අපි අපේක්ෂාවෙන් පසුවනවා. ජල ගාස්තු ස්ථාපිත කළ පසු වාර්ෂික මිල ඇගයීමක් සිදුවන අතර ද්වීපාර්ශ්වික ඇගයීමේත් විකල්පයක් තිබෙනවා. මෙය ක්‍රියාවට නැංවීමෙන් පසු අපට අයෝජකයින් ආකර්ශනය කර ගැනීමටත් හැකිවේවි. මම මෙහිදී පැහැදිලිව ඒ ගැන කිව යුතුයි. මෙහිදී එය ඕනෑම අතට පෙරළා ගත හැකි නිසා. මෙය පෞද්ගලීකරණයක් නොව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක්.

අපි පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිදියුණු කළ විට අපි තරගකාරී කර්මාන්තයක් නිර්මාණය කරන අතර එමගින් ඉහළ ප්‍රමිතියක් සහ අඩු මිල ගණන් බලාපොරොත්තු විය හැකියි. අප, ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස්කළ බව මම ඔවුන්ට දැනුම් දුන්නා.ඔවුන් ඒ සම්බන්ධයෙන් සතුට පළකළා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති මත පදනම් වූ ණය සඳහා අවශ්‍යතාව වන්නේ 2025 වසරට මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි. නමුත් දැන් අපි ජල ගාස්තු සූත්‍රය සඳහා අනුමැතිය බලාපොරොත්තු වනවා.”

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *