ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු, අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි. විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරෙනු ඇත. මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇත. බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 0117 609609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *