අද මධ්‍යම රාත්‍රියේ සිටි අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කරයි
අත්‍යවශ්‍ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද (12) දින මධ්‍යම රාත්‍රියේ සිටි අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 2027 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදු කරමින්.
එසේම එහිදී මෙවර ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කර ඇත. එමෙන්ම මසක බදු නිදහස් සීමාව රු. 162,500ක් දක්වා තවදුරටත් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
තවද අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් සඳහා වැට් බදු නිදහස් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එසේම අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ සිනමා ටිකට්පත් ආදායම මත වැට් බදු වගකීම ගණන කිරීමේ පදනම සංශෝධනය කරන බවයි.
මේ අතර ජාත්‍යන්තර ප්‍රවාහනයේ නියැලෙන නැව් වෙනුවෙන් සපයනු ලබන ඉන්ධන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට යෝජනා විය.
එසේම එහිදී ජනාධිපතිවරයා අත්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් වෙනුවෙන් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය ප්‍රකාශ කළා.
එමෙන්ම තෝරාගත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංග (HS) පේළි 800කට අදාළ දැනට පවතින සෙස් බදු අනුපාතිය 25%කින් අඩු කිරීමට යෝජනා කර ඇත.
මේ අතර නිශ්චිත (HS) කේත යටතේ වර්ගීකරණය කර ඇති පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනයට දැනට අය කරන 10% වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL) 2027 ජනවාරි 01 සිට ඉවත් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එසේම ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 10කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම සංචාරක ආයතනවල පිරිවැටුම මත දැනට අය කරනු ලබන සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායකය මහතා යෝජනා කළා.
ඊට අමතරව ආදායම් කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් සුරාබදු ආඥා පනතට සංශෝධන ගෙන ඒමට යෝජනා කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

