පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක් – නිවාඩු වෙනුවට සෙනසුරාදා පාසල් පැවැත්වේ

Editorial Staff by Editorial Staff -
2,912 views 0 comments

පළාත් 4ක පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්

හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත්, සඳුදා ලබාදෙන මෙම විශේෂ නිවාඩුව වෙනුවෙන් එළැඹෙන 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බවද අදාළ බලධාරීන් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?