නිවසක් නැති නාගරික අඩු ආදායම්ලාභීන්ට අයවැයෙන් සුබ ආරංචියක්
නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති වෙනුවෙන් 2027 අයවැය මඟින් රුපියල් මිලියන 26,820ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නාගරික අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 50,000ක අවශ්‍යතාවක් හඳුනාගෙන තිබෙන බවයි.
එසේම ඉන් මේ වන විටත් නිවාස 16,000කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් පූර්ණ ලෙස අවසන් කර තිබෙන අතර, තවත් නිවාස 5,000ක ඉදිකිරීම් අර්ධ ලෙස අවසන් කර ඇති බවද ජනාධිපතිවරයා කියා ඇත.
එබැවින් අර්ධ වශයෙන් අවසන් කර ඇති ටොරින්ටන්, කොළඹගේ මාවත, කොළොන්නාව, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ දෙමටගොඩ යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති 2027 වර්ෂයේදී අවසන් කිරීමට නියමිත බව සඳහන්.
තවද මීතොටමුල්ල සහ කුරුණෑගල විල්ගොඩ යන ප්‍රදේශවල නව නිවාස සංකීර්ණ ඉදිකිරීම් ආරම්භ කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

