ලාෆ්ස් ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Editorial Staff by Editorial Staff -
275 views 0 comments

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.

ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.

එමෙන්ම, රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720කි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම පවසයි.

කෙසේ වෙතත්, අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම තහවුරු කර තිබේ.

පාරිභෝගිකයන්ට ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද සමාගම සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?