රඹෑව බස් අනතුර ගැන කවුරුත් නොසිතූ දෙයක් වෛද්‍ය වාර්තාවෙන් එළියට එයි, අනතුර වෙලාවේ රියදුරු ඉඳලා තියෙන්නේ මෙහෙමයි…
අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු බස් රථ තුනක ගැටීමේ අනතුර සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික විමර්ශන සහ වෛද්‍ය පරීක්ෂණවලදී තොරතුරු රැසක් අනාවරණය වෙලා තියෙනවා.
මෙම මාරක අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු, අනතුර සිදු වන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බව සිදු කරන ලද මුත්‍රා සාම්පල් පරීක්ෂාවකින් (Urine Test) තහවුරු වී ඇති බවයි වාර්තා වෙන්නේ…
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර – යාපනය (A-09) මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය 10 වැනිදා උදෑසන මෙම බිහිසුණු අනතුර සිදු වෙලා තිබුණා…
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනකපුර සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය දෙසට ධාවනය වූ තවත් ලංගම බස් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. එම අවස්ථාවේදීම වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ද, කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් අනතුර තවත් දරුණුව වෙලා තිබුණා…
මෙම බිහිසුණු රිය අනතුරින් ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් මගීන් 76 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගැනුණා…
මියගිය පුද්ගලයින් අවුරුදු 47 සහ 56 යන වයස්වල පසුවන ඇටවීරගොල්ලෑව සහ රිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා…. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

