පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් – ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

Editorial Staff by Editorial Staff -
470 views 0 comments

ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසන්නේ ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට නියමිත බවයි.

එම සංගමය සඳහන් කරන්නේ මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි.

ඒ අනුව, ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ යනු ඇති බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?