උපකාරක පන්තියකට යාමට මදල් නැතැයි සිසුවිය සියදිවි නසාගෙන

උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කරගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව බදුල්ල ප්රදේශයෙන් වාර්තා වෙනවා. (Sri Lanka Latest News)

සිද්ධියෙන් මියගියේ මෙවර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක්.

බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්රදේශයේ පදිංචි 16 හැවිරිදි අයීෂා පරවීන් දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ පවුලක වැඩිමහළු දරුවායි.

ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැතිවීමද ඊට ප්රධාන හේතුවක් වී තිබුණා.

මෙවර අ.පො.. සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිව ලැබුණේ නැහැ.

පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙනවා.

නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.

මවගේ එම ප්රකාශයත් සමඟ අයීෂාගේ ඊළඟ පියවර වී තිබුණේ තම ජීවිතය අහිමි කර ගැනීමයි.

ඒ අනුව ඇය වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර ඉන් පසුව ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරා ගැනීමට වෛද්යවරුන්ට හැකිවන්නේ නැහැ.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *