විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න
ජාතික පද්ධති ක්රියාකරු සමාගම සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (19) පැවසුවේ ලක්විජය විදුලි බලාගාරය අක්රිය වීම හේතුවෙන් අද (20) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව බවයි.
එම තීරණයට අනුව අද දිනයේත් පස්වරු 4.30 සිට රාත්රී 9 දක්වා දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ රෝහල් සහ අත්යාවශ්ය සේවා ස්ථාන ආශ්රිතව විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බවයි.
පසුගිය සෙනසුරාදා දිනයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර 3ම මේ වන විට අක්රීයව පවතින අතර විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දෛනිකව පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමාගම ඊයේ තීරණය කරනු ලැබීය.
ඒ අනුව ඊයේ දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුව සිදුවූ අතර අද සහ හෙට (21) යන දින දෙක තුළ ද එලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේය.
