සියලුම අස්වැසුම් ගිණුම් හිමියන්ට හෙට දිනයේ විශේෂ දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
2,037 views 0 comments

2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ හෙට (14) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445ක් සඳහා රුපියල් බිලියන 2.04ක මුදලක් ද ලබාදීමට නියමිතය.

ඒ අනුව අදියර දෙකම ආවරණය වන පරිදි සමස්ත ප්‍රතිලාභී පවුල් 1,197,728ක් සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 11.16කි. අදාළ ප්‍රතිලාභීන්ට හෙට (14) සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබාගත හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?