ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
11,717 views 0 comments

බස්නාහිර පළාතේ සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින ගෑස් හිඟය අනිද්දා (18) දින වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසන බව වාර්තා වේ.

ඒ අනුව එහි සභාපති චන්න ගුණවර්ධන පවසා ඇත්තේ මෙට්‍රික් ටොන් 3,500 ක ධාරිතාවයකින් යුත් ගෑස් අඩංගු නෞකාවක් නිසි වේලාවට නෙපැමිණීම මෙයට හේතු වූ බවයි.

එහෙත් මේ වනවිට එම නෞකාව පැමිණ ඇති අතර, ගෑස් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් හිඟයක්ද පවතින බවට තොරතුරු වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?