ඉන්ධන මිල සුත්‍රයට සහනයක්

ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මිල සුත්‍රය තුළ රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවය.

“සියයට බිංදුවේ සිට 4 දක්වා වූ ලාභාංෂය අඩුකර වියදම් විතරක් ආවරණය වන ආකාරයට මිල සුත්‍රය ක්‍රියාත්මක කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, අනෙකුත් LIOC සහ සයිනොපෙක් සමග තරග කිරීම සඳහා අර 4% භාවිතයට දෙන්න අපි උත්සාහ කරන්නේ. මෙච්චර කල් අපිට තිබුණේ 4%ම තියලා පැරණි තිබුණ ණය, බැංකුවලට තිබුණ ණය හිලව් කිරීම සඳහා පසුගිය අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා. ඒ ලැබුණ වාසිය ජනතාවට ලබාදීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී කඩිනමින් කටයුතු කරන්න. දැන් අපි උපරිම සිල්ලර මිල ගැසට් කරන්නේ අමාත්‍යාංශයෙන්. එතකොට ඒ උපරිම මිලට තමා CPC එක සහ LIOC එක බොහෝ වෙලාවට යන්නේ. ඊට අඩුවෙන් විකුණන්නේ සයිනොපෙක් එක විතරයි. මේකෙදි හෝ ඊළඟ මිල සුත්‍රයේ දී අපි බලාපොරොත්තු වෙනවා CPC එකටත් උපරිම මිල තියෙද්දි ඊට අඩු මිලකට ඔවුන්ට තරග කරන්න අවස්ථාව දෙනවා.”

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *