නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ තීරණයක් ගනී

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ මාස හයක් දක්වා වන කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම මෙන්ම අවලංගු කිරීමේ බලයද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පළාත්වලින් ලැබෙන එම ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කිරීමේ දී වැඩි කාලයක් ගත වීම නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බව නිරීක්ෂණය වීමෙන් පසුවය,මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, ජාතික පාසල්, විද්‍යාපීඨ , ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන දීප ව්‍යාප්ත සේවා, ඒකාබද්ධ සේවා හා ඇතැම් දෙපාර්තමේන්තුගත තනතුරුවලට අයත් නිලධාරීන්ගේ කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම, දීර්ඝ කිරීම, අවලංගු කිරීම හා සංශෝධනය කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරනු ලබයි.

එමෙන්ම එම විදේශ නිවාඩු සම්බන්ධයෙන් විමසන ඕනෑම අවස්ථාවක දී ඒ පිළිබඳව නොපමාව තොරතුරු ලබාදිය හැකි වන සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා තිබේ.

කෙසේ වුවද එම නිලධාරීන්ගේ මාස හයට වැඩි විදේශ නිවාඩු සම්බන්ධ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද දන්වා ඇත.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *