ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලිද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබී වර්තමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කළා.

සංජය මහවත්ත මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙසේ සඳහන් කළා.

“ඡන්දය ළඟ එනවා කියලා පේනවා. ඡන්දයක්ළඟ එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එළියට එනවා. පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා. ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලි ගෝඨාභය දුන්නා වෙන්න ඕන. ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉදිරි ඡන්ද වලට දේශපාලකයන් සල්ලි වියදම් කරන ආකාරය අපි බලන් ඉන්නවා. දේශපාලකයෝ කලු සල්ලි සුදු කරන්න නළු නිලියෝ යොදා ගන්නවා දැයි සැකයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය.”

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *