ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලිද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබී වර්තමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කළා.

සංජය මහවත්ත මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙසේ සඳහන් කළා.

“ඡන්දය ළඟ එනවා කියලා පේනවා. ඡන්දයක්ළඟ එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එළියට එනවා. පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා. ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලි ගෝඨාභය දුන්නා වෙන්න ඕන. ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉදිරි ඡන්ද වලට දේශපාලකයන් සල්ලි වියදම් කරන ආකාරය අපි බලන් ඉන්නවා. දේශපාලකයෝ කලු සල්ලි සුදු කරන්න නළු නිලියෝ යොදා ගන්නවා දැයි සැකයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය.”

Related Posts

ඔබත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තාද? එන්නත ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන අලුත්ම අනාවරණය මෙන්න…

බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) විසින් නිෂ්පාදිත…

Read more

ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය…

Read more

අද හවස වෙන්න යන දේ කල් ඇතුව දැනගෙන සූදානම් වෙන්න..

මේ දිනවල තද බල රස්නයත් එක්කම වැසි වාර…

Read more

ජුනි 30ට පෙර ලියාපදිංචි වන්න – නැතිනම් නීතිමය පියවර

රජය විසින් රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා…

Read more

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හිතා ගන්න බැරි තැනකින් මතුවෙයි… රෝහලේ සිට කියන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න – VIDEO

මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා හමුව තිබෙනවා….

Read more

ප්‍රදේශ රැසකට රාත්‍රී 10.30 දක්වා සංචරණ සීමා පනවයි – හදිසියේ ගත් විශේෂ තීරණය මෙන්න

අද (24) දින මෙරට නගර කිහිපයක විශේෂ ආරක්ෂක…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *