Onmax DT සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක්

” ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ කිෂ්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි පි මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති අතර ” ඔන්මැක්ස් මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂක වරයෙකු කිස්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්,ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර අධ්‍යක්ෂක විසින් සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

මෙම සභාපතිවරයා හා විදේශිකයා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්ඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නිකුත් කළේය .

ඔන් මැක්ස් සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු පොලිසිය මඟ හරිමින් ඕස්ට්‍රේලියාවට පෙන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය .

( රෝෂන් තුෂාර)

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *