ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක්
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.
දෙපාර්තමේන්තුව මෙම කාලගුණික වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍යතාව අනුව ඉදිරියේදී නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වායුගෝලීය කැළඹීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත්, ඒ හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශයට තද වැසි ඇති විය හැකි බවත්ය.
ඒ අනුව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නොවැම්බර් 15 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට වසරේ දෙවන අන්තර් මෝසම් කාලය පසුකරමින් සිටින අතර, ‘එල් නිනෝ’ (El Nino) සංසිද්ධියේ බලපෑම ද පවතින බැවින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව ඔහු පවසා ඇත.
මේ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටිය යුතු අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

