අනුරාධපුර රඹෑව බිහිසුණු අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ හෙළිදරවිව

Editorial Staff by Editorial Staff -
386 views 0 comments

අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ ඒ-9 මාර්ගයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුවිය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගිය  අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළහ.

මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කරමින් සඳහන් කළේ අක්කරපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථය සහ ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටුණු බවයි.

එම අවස්ථාවේදී පිටුපසින් පැමිණි තවත් බස් රථයක් ද අනතුරට ලක්වූ බස් රථයක ගැටී ඇති බව ඔහු සඳහන් කළේය.

එහිදී අනතුරට ලක්වූ බස් රථයක එන්ජිම ක්‍රියා විරහිත කරගැනීමට නොහැකි වීමත් සමඟ එය ගිනි ගැනීමේ අවදානමක් මතුවූ බවත්, එහි සිටි මගීන් මුදාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අනතුර දුටු පුද්ගලයා සිද්ධිය විස්තර කළේ මෙලෙසිනි.

“මම මෙතන ඉස්සරහා වාඩිවෙලා හිටියා. ට්‍රැෆික් එකේ මහත්වරු වාඩිවෙලා හිටියා. එනකොට අක්කරපත්තුවේ ඉඳන් යාපනය බස් එක අපේ හරියටම කඩේ ඉස්සරහින් එනකොට, ජනකපුර බස් එක, කොළඹ බස් එක එක පිටිපස්සේ ආපු මේ ප්‍රයිවට් බස් එක ඕවර්ටේක් කරනවත් එක්කම අක්කරපත්තුව බස් එකයි, ජනකපුර බස් එකයි මුහුණට මුහුණ වැදුණා. වැදුණු ගමන් පිටිපස්සෙන් ආපු බස් එක පිටිපස්සෙන් වැදුණා. බස් තුනම එකට තිබුණේ. ගන්න විදිහක් නැහැ. මේ මැද බස් එක සම්පූර්ණයෙන් ගිනි ගන්න දුම දැම්මා. එන්ජින් ඔෆ් වෙන්නේ නැහැ. එන්න එන්න රේස් වෙනවා. මේ යතුරක් ගෙනල්ලා කැපුවා. කැපුවට, වයර් කැපුවට එක්කෙනෙක් කිව්වා, වයර් කපලා හරියන්නේ නැහැ. මේක ගිනි ගන්නවා. ඒ හින්දා මේකේ ඩීසල් යන බටේ හොයලා කඩන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එක්කෙනෙකුට කියලා යකඩ ඉන්නක් ගෙනල්ලා, හැබැයි කොහොම හරි බස් එකේ දන්න කෙනෙක් ඇවිල්ලා කොහොම හරි හොයලා හොයලා, ඒ එන්ජිමන් යන මේ තෙල් බටය කඩප්පලා තමයි ඇතුළේ හිටපු ලෙඩ්ඩු ගන්න පුළුවන් වුණේ. ඇතුළ සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ දුමෙන්. අපි හිතුවේ ගිනි ගනියි කියලා. ඒ වෙනකොටත් කිහිපදෙනෙක් ගත්තා. මං හිතන්නේ මිය ගිහිල්ලා පස් දෙනෙක් හය දෙනෙක් හොස්පිටල් එකට පැටෙව්වා. දෙන්නෙක් එතනම තියලා තිබුණා. මොකද එයාලා පටවලා වැඩක් නැති නිසා. ඔක්කොම ලෙඩ්ඩු අසූවක් විතර පැටෙව්වා. අපි ඔක්කොම මෙතන හිටියා. ඇස් දෙකට බලන් හිටියා. නවය කාලට, නවය හමාරට. නවය හමාරට තමයි මේ ජනකපුර, මේ කොළඹ, මේ ශ්‍රීපුර ඉඳන් බස් එක යන්නේ කොළඹ. නවය හමාර තමයි මෙතනින් පිටත් වෙන්නේ. ඕක හැමදාම යන බස් එක. අක්කරපත්තුව යාපනය යන බස් එකත් වේගෙන් ආවේ. ජනකපුර ඉඳන් කොළඹ යන බස් එකත් වේගෙන් ආවේ. නැත්නම් මෙච්චර ඩැමේජ් එකක් වෙන්නෑ. මෙච්චර මේකක් වෙන්නෑ. සාමාන්‍ය මේකෙන් වෙනවා. කොහොම හරි මේ අක්කරපත්තුව යාපනය කට්ටිය ගොඩක් ඩැමේජ් වුණේ සීට් ගැලවිලා, එක්කෙනා පිට එක්කෙනා වැදිලා තමයි. එයාලගේ දත්, අත් ඒවා ගොඩක් තුවාල වුණේ. මේකේ ආය නම් අර ඇබිච්චි පාරට බස් දෙකට මේවා උනාට පස්සේ ගොඩක් මිය ගියේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?