වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

Editorial Staff by Editorial Staff -
525 views 0 comments

මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන් අතරින් තවත් මිලියන 4ක පමණ පිරිසක් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ලියාපදිංචි වීමට සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.

වැඩසටහනට එක්වෙමින් කොමසාරිස්වරයා සඳහන් කළේ, මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ජනගහනය මිලියන 17ක් පමණ වන බවත්, ඒ අතරින් පුද්ගලයන් මිලියන 13ක් හෙවත් ලක්ෂ 130ක් මේ වන විටත් TIN අංක සඳහා ලියාපදිංචි වී ඇති බවත්ය.

පසුගිය කාලයේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් සඳහා පමණක් TIN අංකය අනිවාර්ය කළ ද, නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුදෙනාම මෙම අංකය ලබාගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සෑම පුද්ගලයෙකුම බදු ගෙවිය යුතු නොවන බවත්, බදු ක්‍රමය විධිමත් කිරීම වෙනුවෙන් පමණක් මෙම නීතිමය අවශ්‍යතාව ඇති කර ඇති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?