සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂට ඇප – සියල්ල උඩුයටිකුරු වෙයි – මෙන්න විස්තරේ
කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇත්තේ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙසයි.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ජාතික ඉදිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පසුගියදා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන තිබුණි.
