මේ ප්‍රදේශවලට අවදානම් – විශේෂ අනතුරු ඇගවීමක්

Editorial Staff by Editorial Staff -
207 views 0 comments

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (13) පස්වරු 4:00 සිට හෙට (14) පස්වරු 4:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇත.

එබැවින් නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් අදාළ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස,

*බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල සහ පස්සර *කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක *හම්බන්තොට දිස්ත්‍රික්කයේ. කටුවන සහ වලස්මුල්ල *කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල සහ පාලින්දනුවර *මහනුවර දිස්ත්‍රික්කයේ, හතරලියද්ද සහ තුම්පනේ *කෑගල්ල දිස්ත්‍රික්කයේ, බුලත්කොහුපිටිය, යටියන්තොට, කෑගල්ල, අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල, රඹුක්කන සහ වරකාපොල *මාතලේ දිස්ත්‍රික්කයේ, අඹන්ගඟ කෝරළය, රත්තොට සහ මාතලේ *මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන, අතුරලිය සහ පස්ගොඩ *නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත *රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර, ඉඹුල්පේ, කලවාන, අයගම, නිවිතිගල සහ කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස,

*රත්නපුර දිස්ත්‍රික්කයේ තීරුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?