ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාව විනාශ කරයි

Editorial Staff by Editorial Staff -
762 views 0 comments

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඉන්දියාව දෙසට පැමිණි ‘ඔර්නබ්’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බවයි.

අද (28) අලුයම කාලයේදී ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය ආසන්නයෙන් ප්‍රබල මට්ටමේ සුළි කුණාටුවක් ලෙස ඉන්දීය ගොඩබිම් කලාපයට ඇතුළු වූ මෙම කුණාටුව, පැය හයකට ආසන්න දීර්ඝ කාලයක් පුරා එම ප්‍රදේශයට බලපෑම් එල්ල කර ඇත.

සුළි කුණාටුව සමග ඇති වූ ගස් කඩා වැටීම් ඇතුළු අනතුරුවලින් මෙම ජීවිත හානි වාර්තා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?