අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි

Editorial Staff by Editorial Staff -
935 views 0 comments

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 ඔක්තෝබර් 27 වැනි අඟහරුවාදා දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව ලේකම් නාලක කළුවැව මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ගෙන ඇති මෙම තීරණය ඔක්තෝබර් 27 වැනි දිනට පමණක් බලපැවැත්වේ.

කෙසේ වෙතත්, පාසල් වසා තැබුණද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කර තිබූ පරිදිම පැවැත්වීමට නියමිතය.

Gallery

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?