ජීවිතේ විඳින්න, හීන හැබෑ කරගන්න කියලා කෑම්පින්ග් යන්නේ පරිස්සමෙන්…
රටේ සුන්දරත්වය නරඹන්න, ජීවිතේ විඳින්න, සංචාරක හීන හැබෑ කරගන්න අපේ තරුණ තරුණියන් රටේ විවිධ තැන්වලට සංචාරය කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන් කඳුකර සීත ප්‍රදේශලවලට. කඳුකරයට යනවා කියන්නේ ඉතින් කෑම්පින්ග් කියන්නේ අනිවාර්ය අංගයක්.
එහෙම කෑම්පින්ග් ගිය තරුණියකගේ ජීවිතය අහිමි වුණු පුවතක් අපට වාර්ථා වෙනවා කොස්ලන්ද ප්‍රදේශයෙන්. රාත්‍රියේදී වන අලියෙක්ගේ ප්‍රහාරයකට මේ තරුණිය සහ ඇගේ සහකරුව ලක්වෙනවා. එම ප්‍රහාරයෙන් ඇය ජීවිතක්ෂයට. ඇගේ සහකරුවා තුවාල ලබා රෝහල් ගත කරන්න රැගෙන ගිය බවයි වාර්ථා වෙන්නේ.
මෙසේ මියගොස් තියෙන්නේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙක්.
මේ තියෙන්නේ සමාජ ජාලාවල සංසරණය වන එම ඡායාරූප…