රටම කැළඹූ කළුතර සිදුවීම පිටුපස තිත්ත ඇත්ත මෙන්න..

පසුගිය දිනවල රටම කැළඹූ කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ සිදුවීම මේ වන විටත් සමාජ මාධ්‍ය ගිනිබත් කර තිබෙනවා.

ඒ සම්බන්ධ විවිධ සටහන් එහෙමත් සමාජ මාධ්‍ය තුළින් අපට හමුවනවා.

මේකත් ඒ විදිහේ සටහනක්…

අවුරුදු 16 දැරවියගෙ සිද්දිය

ගොඩක් අය මේකට ඒ දැරියට දොස් කියලා තිබුනා. ඒ පිරිමියට බැනලා තිබුනා. යාලුවට දොස් කියලා තිබුනා. මේ වගෙ සිද්දි ගොඩක් මේ ලංකාව ඇතුලේ වෙනවා. එකම දේ ඒවා මරණයක් නොවී ලස්සනට ගෙවල් වලට යනවා. මම කාලයක ඉදන් මේ වගෙ දේවල් ගැන ලියමින් ඉන්නවා. මේවා කාගෙවත් වැරදි නෙමේ. අපි මේ සමාජ ආර්ථික ක්‍රමය තේරුම් ගන්න ඕනේ. මීට අවුරුදු ගානකට කලින් ඇමරිකාවෙත් ඔය විදියම තමා. ඉදිරියේදී අපි කොච්චර පරිස්සම් කලත් ගෑනු ලමයෙක් වයස 16 හෝ 15 දී පලමු සෙක්ස් එක්ස්පීරීයන්ස් එක ගන්නවා. ෆෝන් එකෙන් බ්ලූ බලනවා. බෝයි ෆ්‍රෙන්ඩ්ට වීඩීයො කෝල් වලින් බාත් රූම් එකේ නාන හැටි පෙන්නනවා. ඒක නිසා අපේ අධ්‍යාපනය අප්ඩේට් කරන්න ඕනේ. පිරිමි ලමයෙක්ව හදන්න ඕනේ ගැහැනු ලමයි එක්ක වැදගත් විදියට ආශ්‍රය කරන්නේ කොහොමද කියලා උගන්නලා.

සෙක්ස් කියන එක විවෘතව කරන්න ඕනේ. නිරුවත සාමාන්‍ය කරන්න ඕනේ. එතකොට මැජික් එකකින් ඒක පරිවර්තනය වෙනවා රිලේෂන් වලට. ආදරේ කියන දේට. මම ඇමරිකන් කෙල්ලෙක් එක්ක චැට් කලා. එයා සෙක්සි විදියට අඳිනවා ඒත් කවදාවත් සෙක්ස් චැට් කරන්න ආවේ නෑ. එයා මට මහන්සි ගත්තේ ඊ බිස්නස් වලින් ලාබ ගන්න හැටි කියලා දෙන්න. මට ඉන්වෙස්ට් ගැන කියලා දෙන්න. මොකද සෙක්ස් කියන එක එයාලාගෙ ජීවීතේ ඇතුලේ තියෙනවා. එයාලා ලව් එක්ක සෙක්ස් කරනවා මිසක් සෙක්ස් ඉන්බොක්ස් එකෙ කරන්නේ නෑ. අපි ඉන්බොක්ස් එකේ සෙක්ස් කරනවා එලියේ හම්බවෙලා රිලේෂන් එකකින් ඒක කරන්නේ නෑ. අනික අපිට අවබෝදයක් නෑ රිලේෂන් අරන් යන්න ඕනේ කොහොමද කියලා. මොකද අපි දන්නේ කකුල් පෙන්නන එක සෙක්ස් කියලා. බ්‍රෙස්ට් එක සෙක්ස් කියලා.

ඔය අදහස කඩන්න පුලුවන් කාන්තාවන්ටමයි. කකුල් වහන්න වහන්න ඕක නිසා දැරියන් තව තව සෙක්ස් වලට ගොදුරු වේවී. සෙක්ස් කරන්න රූම් ගියා කියලා ගමේ කාටහරි මාට්ටු වුනාම මැරෙන්න යන්නෙ නැති වේවී. අපි සමස්තයක් විදියට මේ සමාජ ආර්ථිකය දේශපාලනිකව තේරුම් අරන් වෙනසක් නොකර. මතක තියාගන්න සමාජය යුද පිටියක් නම් ඔබේ දියණිය සන්නද්දව සමාජයට යවන්න. තවදුරටත් සෙක්ස් සහ නිරුවත ගැන කියා නොදී ඉන්න පුලුවන් කමක් නෑ.
මොකද මේ වෙලඳපල ආර්ථිකය තුල සියල්ල ඔබේ ඇස් ඉදිරියට එනවා. ඒවා ගන්න ඕන කොහොමද බැහැර කරන්න ඕන කොහොමද කියන සාක්ෂරතාව දෙන එක දෙමාපියන්ගෙ වගකීමක්. එහෙම සාක්ෂරතාව තියෙන දරුවෙක් සමාජගත කරන්න. කලව වහන්න ඕනද විවුර්ත කරන්න ඕනද ඒක බලලා සාමාන්‍ය දෙයක් විදියට ගන්න ඕනද නැද්ද කියලා තේරුම් ගනියි.
සමහරවිට ඔබේ දුවත් මේ වෙනකොට කොල්ලෝ එක්ක රූම් ගිහින් ඇති. සමහරවිට හෙට ඔබේ දුව රූම් යාවී. මේක වලක්වන්න අමාරු සමාජ යතාර්තයක අපි ඉන්නෙ බව තේරුම් ගන්න. ඒකට එක්කෝ මූණ දෙන්න නැත්තං වෙනස් කරන්න.

ඉසර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 15 =