අකුරණට දැඩි පොලිස් ආරක්‍ෂාවක්.. හමුදාවත් සූදානමින්..
ඊයේ රාත‍්‍රියේ සිට මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
අද දින නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වනු ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ආරක්ෂාව යොදවා ඇත.
දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් නැවත දැනුම් දෙන තුරු එහි රැඳී සිටිනු ඇති අතර අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායම් කැඳවීමට සූදානමක් පවතී.