ICU සිටින ජැක්සන් ගැන හෙද නිලධාරිනී රම්‍යා සොයිසාගෙන් ප‍්‍රකාශයක්..

මාස කිහිපයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා මහත්මිය අදහස් පලකරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් සඳහා සටහනක් තබමින් ඇය පවසන්නේ ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් ගැන ඇත්තේ කණගාටුවක් බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

“ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බොහෝ කරුණු ගැන ඇත්තේ කනගාටුවකි

කිසිදු පදනමක් නැති සමහර You tube ඔහුගේ සිදුනොවූ මරණයක් තලු මරමින් ප්‍රකාශ කරන අයුරු අප්‍රසන්නය.

විශේෂයෙන් You Tube හි ජාතික රෝහලේ හෙදියක් ලෙස නම් කරමින් Ramya Kumari යන මුහුණු පොතේ හෙදියක් ප්‍රකාශ කරයි ලෙස විවිධ සාවද්‍ය අදහස් සමාජය තුල පැතිරීම කනගාටුදායකය . එලෙස අදහස් ප්‍රකාශ කිරීම නීති විරෝධීය. එම මුහුණු පොත මිනිසුන් නොමග යැවීමට මාගේ ජායාරූප භාවිතා කිරීමද අප්‍රසන්නය.

මෙවන් ප්‍රචාරවලට නොරැවටෙන්න. එවන් සාවද්‍ය අදහස් ප්‍රකාශ කරන්නන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − five =