අලුත් අවුරුද්දේ කිරි පිටි බොන්නේ පරිස්සමෙන්?

සිංහල අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළට බෙදා හැරීමට සූදානම් කර තිබුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරි පිටි සහ ඒවා නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍ය ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී වෙළෙදාම් කිරීම සඳහා බෙදා හැරීමට සූදානම් ගබඩා කර තිබූ කල් ඉකුත් වූ කිරි පිටි කිලෝ 2,000කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

එමෙන්ම රුපියල් ලක්ෂ 80ක් වටිනා කල් ඉකුත් වූ කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන, කල් ඉකුත් වූ රසකාරක සහ වර්ණකාරක ද්‍රව්‍ය රැසක්ද බළකා භටයන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම මෙම ද්‍රව්‍ය තොගය සමඟ හිමිකරු, කළමනාකරු සහ ගබඩා පාලකවරයාද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මෝදර පොලිස් වසමේ ෆර්ගියුෂන් පාරේ පිහිටි ගබඩාවක කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි නිෂ්පාදනය කර තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පාරිභෝගික සේවා අධිකාරිය වෙත භාරදී තිබෙනවා.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ බළකා බුද්ධි කොට්ඨාසය මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − one =