මහ බැංකුවේ ලක්ෂ 50ක් අතුරුදන්

කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11 වැනිදා) සවස පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම ප්‍රධාන ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ මුදල් ගබඩා කර තිබූ අධි ආරක්ෂිත ක්‍රමවේද හා කැමරා ඇති කාමරයක් තුළ වූ මුදල් බන්ඩල අතරින් එක් බන්ඩලයක අඩුවක් ඇතැයි එම අංශ භාර ප්‍රධානියා පැමිණිලි කර තිබේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් මහ බැංකුවෙන් අනෙකුත් බැංකු වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් බිලියන විසිගණනක මුදල් බන්ඩලවලින් එකක් මෙසේ අඩුවී ඇතැයි පෙනී යන බව මහ බැංකු නිලධාරීන් පවසා ඇත.

පන්දාහේ නෝට්ටුවලින් යුත් රුපියල් ලක්ෂ පනහේ බන්ඩල් පිටින් රාක්කවල ගොඩගසා තිබී ඇත. මේවා කලින් භාවිත කළ මුදල් නෝට්ටුය. අතුරුදන් වූ බව කියන ​නෝට්ටු බන්ඩලය සෙවීම සඳහා යළිත් ගණනය කිරීමක් කර බලන බව පැමිණිලිකරු පවසා තිබේ.

පැමිණිල්ලට අනුව මුදල් බන්ඩලය අස්ථානගත වී ඇත්දැයි සෙවීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (SOCO), ඇඟිලි සලකුණු නිලධාරීන් යොදවා විමර්ශනයක් කිරීමට කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න යටතේ විමර්ශනයක් අරඹා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + eleven =