අනුරගේ පුතා මිහින් ලංකා රස්සාවට දැම්මේ නාමල්ද – නාමල් උත්තර දෙයි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සමාගමට රැකියාවකට යොමු කිරීම සඳහා මැදිහත් වූයේදැයි නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඒ මහතා ප්‍රතිචාර දැක්විය.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සිදුකරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී මෙම පැනය යොමු කර තිබිණි.

නාමල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ තමන් බොහෝ පුද්ගලයන්ට උදව් කර ඇති බවත් එම පිරිස අතර අනුර දිසානායක මහතාගේ පුත්‍රයාද සිටියේ දැයි නොදන්නා බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 16 =