TIN එකට කියලා බැංකුවෙන් කෝල් කරාට විස්තර දෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකරුන් කල්ලියක් ක්‍රියාත්මකව සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේවනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳ තොරතුරු ලැබී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා ටින් අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස්‍ය අංකය (OTP) ඉල්ලා සිටියි. තමන් හසුවී සිටින්නේ වංචනිකයකුට බව වටහා නොගන්නා පිරිස් මෙම රහස්‍ය අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබා දීමට කටයුතු කරති.

එම රහස්‍ය අංකය ලබා ගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධවූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළුවී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සඳහන් කළේය.

මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් රවටා මෙම වංචනික කල්ලිය මේවනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (7) දිනයේ රුපියල් දෙලක්ෂ හැට දහසක මුදලක්ද , පසුගිය සතියේ තවත් අයකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ දහයක මුදලක්ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි ආකාරයට දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

May be an image of text

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *