බිග් මැච් උණ තදවෙයි.. වහලයේ ගිය සිසුන් දෙනෙක් පෙරලී මිය යයි…

අද පැවති බදුල්ල ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරඟය අතරතුර කැබ් රථයක ගමන් ගත් සිසුන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

ධර්මදූත විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනය අසල වෙනත් ක්‍රීඩාංගනයක මෙම රථය වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙසේ කැබ් රථයට යට වී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 වයස් වල පසුවන සිසුන් දෙදෙනකි.

තවත් සිසුන් 09 දෙනකු තුවාල ලබා බදුල්ල මහා රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බදුල්ල පොලිසිය මඟින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =