මිරිහා‌නේ ආරක්ෂාව තර කරයි

අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇත.

2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − four =