සංගීත් විජේසූරියට ඇත්තටම වුණු දේ, ඩෙන්සිල් නුගේගොඩ හෙළි කරයි

මොළයේ ලේ කැටි ගැසීමක් නිසා මේ වන විට රෝහල්ගතව සිටින
සංගීත් විජේසූරිය ගැන මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ
විවිධ තොරතුරු හුවමාරු වනවා.

ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සංගීත් වෙනුවෙන් ඉක්මන්
සුව ප්‍රාර්ථනා කර තිබුණා.

මේ අතර, ප්‍රසංග වේදිකාවේ නිවේදන ශිල්පියෙක් ලෙස
කටයුතු කරන ඩෙන්සිල් නුගේගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමට
සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ,
සංගීත් ගිලන්ව ටික කලක් ගත වන බවයි.

එම සම්පූර්ණ සටහන පහතින්..

ඔහු ගිලන් වූ වග දනිතත් සති දෙකකට නොවැඩි කාලයක්..
අප සුමිතුරු රෑන එය සගවා සිටින්නට තැත් කළේ ඔහුට ඇති ආදරේම වෙන නිසා අනදරයක්…
සුව අතට හැරෙමින් ඉන්න ඔහුට ඔහුව විමසන අයට දෙන්න බැරිවෙයි මනසට අවැසි විවේකයක්..
ඒ ගැන සිතා ඔහුව බලන්නට කතාකරන්නට යාමම වෙන නිසා ඔහුට වෙන හිරිහැරයක්..
ඒතරම් ආදරේ ඈයන්ට ඔබට කලහැකියි සුව ප්‍රාර්ථනාවක් ..
එයම සලකා කරන්න පුළුවන්නම්
ආගම දහමේ පිහිට සුවය පතා එවන් සෙත් ශාන්තියක්..
ඒ නිසාවෙන්ම ඔහු තිර ලෙස සුවය ලබනවා නමුත්..,
වෙයි ඊට හේතුවක්
ලැබෙන්නට ඉක්මන් සුව සහනයක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − 1 =