ජනාධිපති සම කළ හැක්කේ හුසේන් බෝල්ට පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ ලෝකය ඉදිරියේ රටක් දෙන වන අසමසම දේශපාලන පොරපිටියක අග්‍රගණ්‍ය ක්‍රීඩකයකු බවත් ඔහු සම කළ හැක්කේ ලෝක ශූර හුසේන් බෝල්ට් ට පමණක් බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.

එම ප්‍රකාශයේ මෙසේ ද සඳහන්.

“රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන්ගේ තීරණයකට අනුව සියලු ඛනිජ තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ඇඟට දැනෙන අයුරින් අඩු කිරීමට තීරණ ගැනීම පැසසිය යුතු කරුණක්. ඒ වගේම ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍යවරයා ලෙස විවෘත වෙළඳපලක් ඇති කිරීමට කංචන ගත් තීරණය ඉතාම නිවැරදි තීරණයක් බව ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස මා ඉතාමත් අගය කරනවා. අපිට හැමදාමත් වැරදුනේ තරඟකාරී වෙළඳපොලක් නොමැති වීමයි. වෙළදපල විවෘත විය යුතුයි. වෙළෙඳපොඳපොළ කියන එක හැමවිටම තරගකාරී වීම වැදගත්. රජය වෙළදාමෙන් ඉවත් විය යුතුයි. දැනට අපිට ඛනිජ තෙල් බෙදා හැරීමේ LIOC සමාගම විතරයි තියෙන්නේ. ඉදිරියේදී තවත් තරගකරුවන් තුන් දෙනෙක් ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලියට ඇතුළත් වෙනවා කියන්නේ තරගකාරී වෙළෙඳ පොළක් ඇති වෙනවා කියන එකයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 4 =