බේරුවල භූ කම්පනයක්…
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් කිහිපයක අද (30) දහවල් එකත් එකයි දහයත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී නිවාස වල වහලය මතින් දෙදරීමක් ඇතිව තිබේ.
බේරුවල නගරාසන්නයේ පොල්කොටුව, පයාගල පිනිදිය මුල්ල, වෙනිවැල් කැටිය, යන ගම්වල නිවාස විශාල ප්‍රමාණයකට මෙම තත්ත්වය දැනී තිබේ.
මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ තත්පර 30 ක පමණ කාලයක් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවයි .
ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවත් ය. බේරුවල ට මුහුදු සැතපුම් විසිහතරක් ඔබ්බෙන් 3.7 අගයක් මෙම ඔව්කම්පනය තුලින් පෙන්නුම් කර තිබේන බව කියයි
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා