සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු වෙයි
2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ එම සිද්ධියෙන් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බවය.
ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.