සිපෙට්කෝ සන්නද්ද හමුදා යටතට..

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්න යි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින අතර බෙදා හැරීම් අඛණ්ඩව සිදු කරමින් පවතින බවද හෙතෙම කියා සිටී.

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් මෙතෙක් රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් බාධා කර තිබූ සේවක සේවිකාවන්ට තම රාජකාරියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය හා හමුදාව යොදවා ඇති බවද ඔහු පවසයි.

ඒ අනුව මෙතෙක් ප්‍රමාද වී පැවති ඉල්ලන බෙදා හැරීමත්, බෙදාහැරීමේ පර්යන්තවලට අවශ්‍ය ආරක්ෂා ලබා දීමටත් ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ වන විට තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් පිටත් කිරීමට පියවර ගෙන ඇත.

නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත.

මේ අතර අද පස්වරුවේ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියේ රාජකාරි සඳහා පැමිණෙන තෙල් සංස්ථා සේවකයන්ට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගන්නා ලෙස තමන් විසින් දැනුම් දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − four =