දරුවාට වැරදි එන්නතක් එන්නත්කළ බවට චෝදනා එල්ලකරනු ලබන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයෙහි හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී එම දරුවාගේ පියා විසින් වීඩියෝ පටයක් හරහා මහනුවර ප්‍රදෙශයේ පිහිටි පෞද්ගලික රෝහලක පාලනාධිකාරිය වෙත චෝදනා කරමින් සඳහන් කරනු ලබන්නේ තම දරුවාට පැපොල සඳහා ලබාදෙන එන්නත වෙනුවට රුබෙල්ලා (MMR) එන්නතක් ලබා දී ඇති බවයි.
එහිදී රෝහල් පාර්ශ්වය විසින් වැරදීමක් සිදුවූ බවට ප්‍රකාශ කරන බවත්, පියා විසින් එම සම්බන්ධයෙන් ලිඛිතව තමාට ලිපියක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ අවස්ථාවේදී පාලනාධිකාරිය විසින් තමන්හට බලපෑම් සිදුකරන බවත් ඔහු එම වීඩියෝවේ සඳහන් කරනු ලබනවා.