ඉන්ධන මිල විශාල අඩු කිරීමක්..
ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරිම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් කටයුතු සොයා බලමින් සිටී.
ඒ අනුව එළැඹෙන අප්‍රේල් මාසයේදී නියමිත මිල සූත්‍රය අනුව මෙම ඉන්ධන මිල පහල දැමීමට නියමිතය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම හා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම මත අප්‍රේල් මාසයේදී දැනෙන ඉන්ධන මිල සහනයක් ලබාදීමට කටයුතු කරන බවය.