නවසීලන්තයේ ප්‍රබල භූ චලනයක්

නවසීලන්තයේ දූපත් ප්‍රදේශයකට ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.1ක් ලෙසටයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුවී ඇති බවටයි.

භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බව ද සඳහන්.

කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 10 =