කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම ගැන කතාවක්..
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන්, නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා..
ඒ අනුව, හෙට උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුලපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ලබන අතර, එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා..
රථවාහන ගමනා ගමනය සීමා කිරීමට යෝජිත මංසන්ධි..
මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම..
තිඹිරිගස්යාය පාර කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථවාහන ඇතුළුකිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීම..