වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න ලැබෙනවා.. ඇත්තටම මෑතකදී වාහන ආනයනය කිරීමක් සිදුවෙන්නේ නැද්ද..?
මේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි.. ලබන වසරේදී, එනම් 2025 පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මෙතෙක් යොමුවී නැති බවට වාර්තා වෙනවා..
මින් පෙර පැවති රජය සැලසුම් කර තිබුණේ ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට එන්ජින් ධාරිතාවය අනුව පෞද්ගලික වාහන ආනයනය කිරීමට වන අතර, රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් දක්වා වැඩිවී තිබෙන බැවින් වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට නියමිතයි..
කෙසේ වෙතත් වාහන ආනයනයට අදාළව මහ බැංකුව විසින්ද නිර්දේශ ලබාදී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..