බුකිය ඇවිලූ සිද්ධිය ගැන පියුමි හංසමාලිගෙන් පැහැදිළි කිරීමක්

නිළි සුසන්තා චන්ද්‍රමාලි නැවත වතාවක් පිළිකා රෝගයට ගොදුරු වූ බව කියමින්
ඇය විසින් ම පසුගිය දිනෙක මුහුණු පොතේ පළකිරීමක් කර තිබුණා.

මෙම පළකිරීමට ප්‍රතිචාර ලෙස බොහෝ පිරිසක් විවිධ සටහන් හුවමාරු කර
ඇති අතර, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිද පළකිරීමක් කරමින්
සඳහන් කර තිබුණේ ඇය වෙනුවෙන් උපකාර කිරීමට තමන් කැමති බවයි.

කෙසේ වෙතත්,
සුසන්තාගේ මුහුණු පොතට එක් කර තිබූ එක් පෝස්ටුවක සඳහන් වූයේ
“පියුමි හංසමාලි” මේ සම්බන්ධයෙන් සුසන්තාගේ පවුලේ අයට දැනුම්වත් කිරීමක් හෝ
සිදු කර නැති බවයි.

ආදරණීය ඔබට
ජනප්‍රිය එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිබඳව ….පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී …
1එතුමිය නැවතත් රෝගී තත්ත්වයට පත්වී ඇති බව සහ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් ආධාර අවශ්‍ය බව..(ලබාදිය යුතු එක් එන්නත ක මිල ලක්ෂ අටකට ආසන්නය)
2 ආධාර ලබාදීමට පියුමි හංසමාලි මහත්මිය ඉදිරිපත් වී ඇති බව
3 සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට දිවි සැරිය නිම කොට ඇති බව ..
මේ කරුණු තුනෙන් පළමු වන කාරණාව හැර අන් සියළු කාරණා අසත්‍ය බව කරුණාවෙන් සලකන්න ….මා අද දින උදේඇයට දුරකතනයෙන් කතා කළ අතර මේ ප්‍රචාරයත් නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත්ව ඇත ..මේ කරුණ සම්බන්ධයෙන් ඔබට පෞද්ගලික මතයක් ඇත…එය ඔබගේ අයිතියයි…නමුත් ඇය රෝගී බව සත්‍යයක් …එසේ හෙයින් ඇයගේ ධෛර්යය වර්ධනය වන ආකාරයේ දේවල් පමණක් සටහන් කිරීම ඔබගේ මානුෂික ගුණාංග යන්න ඉස්මතු කිරීමකි ….
piumi hansamali මහත්මිය බොහෝ අයට උදවු කරන තැනැත්තියකි …නමුත් මේ පලවන ප්‍රවෘත්ති අසත්‍ය යැයි මා පවසන්නේ පියුමි මහත්මිය විසින් පවුලේ කවරෙකුට හෝ මේ වන තෙක් මේ බව දැනුම් දී නොමැති වීමයි ….එසේ ඇය මේ සඳහා ඉදිරිපත් වූයේ නම් එය මහත් අස්වැසිල්ලක් සේම පුණ්‍යකර්මයකි ….තාමත් එය නිල වශයෙන් දැනුම් දී නොමැති පරිසරයක….මේ ප්‍රවෘත්තිය තව තවත් ප්‍රචාරය කිරීමෙන් වන්නේ සුසන්ත මහත්මියට ලැබෙන ආධාරයක් වැළකී යාමකි ……
තමන්ගේ චැනලයට හෝ page එකට ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අවර ගණයේ උත්සාහයන් නොගන්නා ලෙස ඒ පිරිසගෙන් ගෞරවයෙන් ඉල්ලමි …..ඇය තවමත් ජීවිත සටනේ යෙදී සිටින බවත් ..ඊට අප හැමගේම සහය අවශ්‍ය බවත් වගකීම් සහිතව ප්‍රකාශ කරමි …….කලාකරුවන් ලෙස ඉතා ඉක්මනින් වැඩ පිළිවෙලක් සකස් කිරීමට අප උත්සාහ ගනිමින් සිටී…..තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකියි සහාය පිළිබඳව පිළිබදව මා දැනුවත් කරන්න ..

මේ අතර, ඊට පිළිතුරු දෙමින් පියුමි නැවත වතාවක් ඇගේ මුහුණු පොතට, ස්වල්ප වේලාවකට කලින් නවතම සටහනක් එක්කොට තිබුණා.

එම සටහන තුළින් ඇය මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකර ඇති අතර, සම්පූර්ණ සටහන පහතින් කියවන්න.

මම ඔය post එක දැම්ම වෙලෙ filled එකෙ ගොඩාක් අය මටකිව්වා ඔකට උදව් කරන්න එපා පියුමි ඔයාට නරක නාමයක් ගාහා ගන්න වෙනවා හරිම පන්ඩිත අම්මයි දුවයි කියලා.අනෙ මටමිනිස්සුගෙ පන්ඩිත කම් වැඩක් නැ.මම ආසායි කාට කාට හරි පිහිට වෙන්න එ මගෙ හැටි.මම මෙඅකක්ගෙ post එක දැක්ක
වෙලෙ එක ශෙයාර් කරලා ඉක්මනට එ තාත්පරෙන්ම මම ඇයට calls ගත්තා බැරිම තැන sms එකක් දැම්මා කිසිම answer එකක් නැ ඉයෙ රැත් calls ගත්තා මම post එක දැම්ම දවසෙ ඉදලම calls ගන්නවා එයා answer කරන්නෙ නැ.මොන මගුලක් ද බලෙන් දිලා මට පුරැදු නැ.ඉයෙ රැ හිතා ගත්තා.ආයි කතා කරන්නෙ නැකියලා.එයාට කට ඇරලා media වලට කියන්න කලින් එයාගෙ phone එක check කර⁣ා නම් හරි එයා.එක
දිගටම calls කොච්චර මම අරං තියනවද කියලා. අප්පිරියි.වදින්න ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටුන⁣ෙ ව⁣ගෙ වැඩක් මට උනෙ.එයාගෙ ගෙදර හොයාගෙනද මට යන්න කියන්නෙ එයාට දැනුම් දෙන්න.?මොකද මට වෙන වැඩ නැනෙ. ඔන්න ඔය හෙතු නිසා තමයි මම සත්තුන්ට වැඩි පුරම උදව් කරන්නෙ.ඇයට ඉන්නවා ලොකු දුවෙක්.දුවට බැරි උනාද මගෙ post එක දැකලා මාට කතා කරන්න? මොකද ඔය ඔකක්ම අය මගෙ social media දෙවල් දකිනවා.මම instagram එකෙ story’s වලත් දැම්මා.හැමොටම දකින්න දුවට තිබුනා.අම්මා වෙනුවෙන් filed එකෙ කෙනෙක් ට කතා කරලා මගෙ contact number එක හොයන් මට කතා කරන්න.මට directors ලා paper articles කරන ගොඩාක් අය කතා කරා.එයාලාත් මට කිව්වා සුසාන්තා අක්කා කිව්වා ලු Piumi එයාට දැනුවත් කරලා නැකියලා.අනෙ එඅයියටත් මම දුන්නා අයියා මෙ මගෙ number එක එඅක්කාට දෙන්න මට කතා කරන්න කියන්න කියලා.අද උදෙත් එයාලා ඇහුවා නංගි සුසාන්තාට අපි number එක දුන්නා ඔයාට කතා කරෙ නැද්ද කියලා.ඇත්තටම නැ.බැරිම තැන එයාලා කිව්වා අතහැරලා දාන්නනංගි එයාලා කැමති නැතුව ඇති ඔයාගෙන් උදව් ගන්නකියලා අනෙ ඇත්ත මයි එක අත හැරලා දැම්මා අද උදෙම මම.එත් උදව් කරන අය ඇයට උදව් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 11 =