ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15 වැනිදා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
මේ හේතුවෙන් ඇල්ල සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් බස් රථ යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 230ක මුදලක් ගෙවූ බව දුම් රිය සාමාන්‍යධිකාරී ඉඳුපොළගේ අද (09) මාධ්‍යයට සඳහන් කළා.
සපයනවාඅද සිට ලබන 15දා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිටිහි ආරුක්කු නවය පාලම මත සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන්.
ඒ් අනුව අද සිට ලබන 15දා දක්වා උදෑසන 7.30 සිට සවස 5.30දක්වා කාලය තුළ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය දෛපාර්තමේන්තුව පවසන්නේ.
ඒ් අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය ධාවනය වන්නේ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණයි.
ඔක්තෝබර් 10,11,12 සහ 14 යන දිනයන් හීදි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ඔඩිසි දුම්රියද ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා .
එම කාලය තුළ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන ඔඩිසි දුම්රියද ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්මේන්තුව පවසන්නේ.
මේ අතර මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1126 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණය ඇති වන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඉන්දියාවේ සායි කාර්තික් විසින් අධ්‍යක්ෂණය කරන තෙලිගු සිනමා පටයක් වන මිරායි සිනමා පටයේ රූගත කිරීම් අද (09) ආරම්භ වුණේ මෙවන් පසුබිමකයි.
සතියක් පුරා මෙම චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කෙරන අතර එය ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වනවා.